Accessibility Tools

Please note that the website is currently being updated.

Hero Banner

Right to Information Act(e)

Download PDF

The Gazette of the Democratic Socialist Republic of Sri Lanka

Download PDF

Information Appeal to RTI Commission(e)

Download PDF
Shaminda Mahalekam

නම් කරන ලද නිලධාරියා

ෂමින්ද මහලේකම්

අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)

දුරකථන: 071-8004843

විද්යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

U. P. R. C. Karunarathne

තොරතුරු නිලධාරියා

යු.පී.ආර්.සී. කරුණාරත්න

සහකාර අධ්‍යක්ෂ - සැලසුම්

දුරකථන: 074-2007101

විද්යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු දැන ගැනීම සඳහා අයඳුම් කිරීම (තොරතුරු දැන ගැනීමේ අයිතිය)

  1.  අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු නිලධාරියා වෙත අයදුම් පත්‍ර අංක. RTI 1, ලිපියක් ඉදිරිපත් කිරීම හෝ වාචික ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සහ එම ඉල්ලීම පිළිගත් බව තහවුරු කර ගැනීම.
  2. ඔබ ඉල්ලා සිටින තොරතුරු ලබා දීමට හැකියාවක් තිබේ ද/නොතිබේ ද යන්න ඔබට හැකිතාක් කඩිනමින් සහ ඕනෑම අවස්ථාවක දින දාහතරක් ඇතුළත දැනුම් දෙනු ඇත.
  3. ඉල්ලා සිටින තොරතුරු නිකුත් කිරීමට තීරණය කළ අවස්ථාවක දී, ඒ සඳහා ගාස්තුවක් ගෙවිය යුතු නම් කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තු ඔබට දැනුම් දෙනු ඇත. ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නම් නියමිත ගාස්තුවක් ගෙවීමෙන් හෝ එසේ ගෙවීමට අවශ්‍ය නොවේ නම් නොමිලයේ දින 14ක් ඇතුළත ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
  4. නියමිත ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් ඇතුළත ඉල්ලා සිටින තොරතුරු සැපයීමට අපහසු නම්, තොරතුරු නිලධාරියා විසින් කාලරාමුව දීර්ඝ කිරීමට හේතු දක්වමින් දින 21කට නොවැඩි අමතර කාලයක් ඇතුළත ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනු ඇත.
  5. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම පුරවැසියාගේ ජීවිතය සහ පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් අදාළ වන අවස්ථාවක දී, ඉල්ලීම ලැබුණු දින සිට පැය 48ක් ඇතුළත එයට ප්‍රතිචාර දැක්විය යුතු ය.
  6. ඔබගේ තොරතුරු ඉල්ලීම සඳහා ලැබෙන පහත ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, කරුණාකර දින 14ක් ඇතුළත පහත සඳහන් කර ඇති නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්න.
    1. තොරතුරු සඳහා කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම
    2. පස් වැනි වගන්තිය යටතේ තොරතුරු ලබාදීමෙන් නිදහස් කර ඇත යන පදනම මත තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම
    3. මෙම පනත මගින් නිශ්චිතව දක්වා ඇති කාලරාමුවලට අනුකූල නොවීම
    4. අසම්පූර්ණ, නොමග යවන හෝ අසත්‍ය තොරතුරු ලබා දීම
    5. අධික ගාස්තුවක් අය කිරීම
FaLang translation system by Faboba