සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා
දෙවන බස සිංහල ඩිප්ලෝමා
මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ සිංහල භාෂාවෙන් සවන් දීමේ, කථා කිරීමේ, කියවීමේ සහ ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීමයි. එම පාඨමාලාව සිංහල සාහිත්ය, සංස්කෘතිය සහ ව්යාකරණ පිළිබඳව ද හඳුන්වා දෙයි. ඵලදායී සන්නිවේදනය සඳහා ප්රධාන භාෂා නිපුණතා ආවරණයක් සහිත මොඩියුල 6 කින් මෙම පාඨමාලාව සමන්විත වේ. දෙවන භාෂාවක් ලෙස සිංහල භාෂාවෙන් ව්යුහගත පුහුණුවක් අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා මෙම පාඨමාලාව විශේෂයෙන් සුදුසු වේ.
මට්ටම - 5
NVQ
මට්ටම - 3
SLQF
Modules
- DSLS 315 - ඵලදායී සන්නිවේදනය සඳහා සවන් දීම
- DSLS 325 - ඵලදායී සන්නිවේදනය සඳහා කතන හැකියාව
- DSLS 335 - අවබෝධය සඳහා කියවීම (අවබෝධයකින් යුතුව කියවීම)
- DSLS 345 - සන්නිවේදනය සඳහා ඵලදායී ලිවීම
- DSLS 355 - සිංහල සාහිත්ය හා සංස්කෘතිය පිළිබඳ හැඳින්වීම
- DSLS 365 - ඵලදායී සන්නිවේදනය සඳහා ව්යාකරණ
අරමුණු
- සිංහල කථනය නිවැරදිව අවබෝධ කර ගැනීමට සහභාගීවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කිරීම
- ඵලදායී වාචික සන්නිවේදනය සඳහා සහභාගීවන්නාගේ කුසලතාව සහ ප්රවීණතාව වැඩි දියුණු කිරීම
- සිංහල ලිඛිත භාෂාව නිවැරදිව අවබෝධ කර ගැනීමට සහභාගීවන්නන්ගේ හැකියාව වැඩි දියුණු කිරීම
- සිංහල සාහිත්යයේ හා සංස්කෘතියේ ස්වාභාවය පිළිබඳ මූලික දැනුමක් ලබා දීම
- ඉගෙනගන්නන් හට සිංහල ව්යාකරණ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දීම
කාල සීමාව: පැය 450
පාඨමාලා ගාස්තුව: රු. 48,500.00
අධ්යයන නිලධාරී : ඒ. එම්. අයි. සෙව්වන්දි අත්තනායක
සම්බන්ධීකරණ නිලධාරී : බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
ඩිප්ලෝමා පාඨමාලාව - භාෂා පරිවර්තනය
මෙම පාඨමාලාව, ලේඛන රටාව, ව්යාකරණ සහ විවිධ අවස්ථා මත අවධානය යොමු කරමින්, එක් භාෂාවකින් යුතු ලේඛනයක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමේ කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙමගින් සමාජීය හා සංචාරක ක්ෂේත්රය ආශ්රිතව සේවා සඳහා පරිවර්තන න්යායයන් භාවිතයෙන් හා ප්රායෝගික ආකාරයෙන් පරිවර්තන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ හඳුන්වා දෙනු ලැබේ. මෙම මොඩියුලය භාෂා ප්රවීණතාව හා පරිවර්තන මෙවලම් යන අංග ආවරණය කරයි. වෘත්තීය පරිවර්තන කුසලතා හා භාෂණ පරිවර්තන හැකියා වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම පාඨමාලාව ඉතා සුදුසු වේ.
මට්ටම - 5
NVQ
මට්ටම - 3
SLQF
මොඩියුල
DITR 314 - පරිවර්තන අරමුණු සඳහා භාෂාව පිළිබඳ දැනුවත්භාවය
DITR 326 - “A” භාෂාව පිළිබඳ ප්රවීණතාව හා ප්රායෝගික පරිවර්තනය
DITR 336 - “B” භාෂාව පිළිබඳ ප්රවීණතාව හා ප්රායෝගික පරිවර්තනය
DITR 346 - පරිවර්තනය හා පරිවර්තන න්යායයන් පිළිබඳ හැඳින්වීම
DITR 354 – CAT මෙවලම්
DITR 364 - ප්රජාව ආශ්රිත භාෂණ පරිවර්තනය
අරමුණු
- ලේඛනයේ ඇතුළත් සන්දර්භයේ අවශ්යතාවට හා අරමුණට අදාළව ලේඛන රටාව හඳුනා ගැනීම.
- ලේඛනයේ ව්යාකරණ හා භාවිත වන නීති රීති, අක්ෂර වින්යාස රීති හා සම්මුති වැඩි දියුණු කිරීම.
- එක් භාෂාවක සිට තවත් භාෂාවකට ලේඛන පරිවර්තනය කිරීම සඳහා ලේඛන කුසලතා වැඩි දියුණු කර ගැනීම.
- පරිවර්තන ක්රියාවලිය පිළිබඳ මූලික අවබෝධය වැඩි දියුණු කිරීම හා එය විස්තර කිරීම සඳහා අදාළ න්යායයන් ගවේෂණය කිරීම.
- පරිවර්තන ක්රියාකාරකම් සඳහා සහාය වීම හා එහි ක්රියාවලිය වේගවත් කිරීම සඳහා පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීම.
- විශේෂිත වූ සමාජීය අවශ්යතා සඳහා හා සංචාරක ව්යාපාරයේ ඉල්ලීම් අවශ්යතා සඳහා සාර්ථකව ඉටු කිරීම සඳහා භාෂණ පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීම.
කාල සීමාව: පැය 450
පාඨමාලා ගාස්තුව : රු. 48,500.00
අධ්යයන නිලධාරී : ඒ. එම්. අයි. සෙව්වන්දි අත්තනායක
සම්බන්ධීකරණ නිලධාරී : හිරෝෂිමා පෙරේරා
ඉලක්ක කණ්ඩායම : පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
ඩිප්ලෝමා පාඨමාලාව - සංඥා භාෂාව
මෙම පාඨමාලාව, විශේෂයෙන් දෙමළ භාෂාව භාවිත කරනු ලබන හා සංඥා භාෂාවේ අවශ්යතාව සහිත ප්රජාව තුළ ශ්රී ලාංකික සංඥා භාෂාව (SLSL) චතුර ලෙස භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පාඨමාලාව සංස්කෘතික වශයෙන් සංවේදීව සන්නිවේදනය සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් වාග්කෝෂය, ව්යාකරණ, භාෂා විද්යාව පිළිබඳ න්යාය සහ අර්ථකථන අවබෝධ කර ගැනීමේ කුසලතා ආවරණය කරයි. අධ්යාපනය සහ ප්රජා සේවය පිළිබඳ සබෑ අත්දැකීම් ලබා ගැනීමට මෙම පාඨමාලාව හදාරන්නන්ට අවකාශය සලසන ප්රායෝගික ක්ෂේත්ර වැඩසටහන් ද එයට ඇතුළත් වේ. මෙහි ප්රධාන මොඩියුල මගින් සංඥා භාෂාවේ පදනම් මට්ටම, එහි ඓතිහාසික සංවර්ධනය, සන්නිවේදන ශිල්පීය ක්රම සහ ව්යවහාරික සංකේත විද්යාව කෙරෙහි අවධානය යොමු කරනු ඇත
මට්ටම 05
NVQ
මට්ටම 03
SLQF
මොඩියුල
DSSL 315: සංඥා භාෂාවේ පදනම
DSSL 325: ශ්රී ලංකා සංඥා භාෂාවේ (SLSL) ආරම්භය සහ සංවර්ධනය
DSSL 335: වාග්විද්යාව හා සංකේත විද්යාව
DSSL 345: සන්නිවේදනය හා භාෂණ පරිවර්තනය
DSSL 355: ක්ෂේත්ර හා ප්රායෝගික අත්දැකීම්
අරමුණු
- සංඥා භාෂාවේ ශක්තිමත් පදනමක් ගොඩනැගීමට අත්යවශ්ය වාග්කෝෂය, ව්යාකරණ, වාක්ය ව්යුහ සහ මුහුණේ ඉරියව් මෙන්ම අභිනයන් වැනි වාචික නොවන අංග හඳුන්වා දීම.
- ශ්රී ලංකා සංඥා භාෂාවේ (SLSL) ආරම්භය හා සංවර්ධනය ගවේෂණය කිරීම සඳහා, විශේෂයෙන් දෙමළ භාෂාව භාවිත කරන මෙම අවශ්යතාව සහිත ප්රජාව තුළ කලාපීය හා සංස්කෘතික බලපෑම් කෙරෙහි අවධානය යොමු කිරීම.
- දෘශ්ය අභින සන්නිවේදනයේ ව්යුහය, අර්ථය සහ කාර්යයන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි වාග් විද්යාව සහ සංකේතාත්මක මූලධර්ම හඳුන්වා දීම.
- සන්නිවේදනයේ සහ අර්ථ නිරූපණයේ චතුරත්වය වැඩි දියුණු කිරීම, සංඥා භාෂාව භාවිත කරමින් අධ්යාපනික සහ වෘත්තීය සංවාදවල යෙදීමට සූදානම් කිරීම.
- දෙමළ සහ සංඥා භාෂා භාවිත කරනු ලබන පුද්ගලයන් අතර නිවැරදි හා සංස්කෘතික වශයෙන් සංවේදී සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කරමින් පරිවර්තන සහ අර්ථකථන කුසලතා වැඩි දියුණු කිරීම.
- ක්ෂේත්ර කටයුතු සහ ප්රායෝගික ක්රියාකාරකම් හරහා අත්පත් කරගත් කුසලතා භාවිත කිරීමට මෙම ප්රජාව සඳහා වන අධ්යාපනය, අර්ථකථනය සහ ප්රජා සේවය පිළිබඳ සැබෑ ජීවිත අත්දැකීම් ලබා දීම.
- එම සංස්කෘතිය සහ අනන්යතාවය පිළිබඳ දැනුවත්භාවය ප්රවර්ධනය කිරීම යනාදිය ඇතුළත් ආකල්ප දිරිමත් කිරීම සහ එහි භාෂාමය අයිතිවාසිකම්වලට ගරු කිරීම.
පාඨමාලාවේ නම: ඩිප්ලෝමා පාඨමාලාව - සංඥා භාෂාව (දෙමළ මාධ්ය)
කාල සීමාව: පැය 450
පාඨමාලා ගාස්තුව: රු. 48,500.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම: SLQF 02 මට්ටම සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
දෙවන බස දෙමළ ඩිප්ලෝමා
දෙවන භාෂා දෙමළ ඩිප්ලෝමාව එය හදාරන්නන්හට දෙමළ භාෂාව පිළිබඳ ශක්තිමත් මූලික කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම වැඩසටහන ව්යුහගත ගැඹුරු ඉගෙනීම තුළින් භාෂාමය විශ්වාසය සහ සංස්කෘතික අවබෝධය ප්රවර්ධනය කරයි.
මට්ටම - 5
NVQ
මට්ටම - 3
SLQF
Modules
SLTD 101: දෙවන භාෂාවට අදාළ ශබ්ද පද්ධතිය හා හෝඩිය
SLTD 102: කථන භාෂාවට (දෙමළ) අදාළ වචන භාවිතය
SLTD 103: කථන භාෂාවෙන් (දෙමළ) සරල වාක්ය ගොඩ නැගීම
SLTD 104: සවන් දීමේ හා කතා කිරීමේ සන්නිවේදන කුසලතා
SLTD 105: ලිඛිත දෙමළේ පද රටා සහ වාක්ය රටා
SLTD 106: වාක්ය රටා - ලිඛිත දෙමළේ වාක්ය රටා පිළිබඳ හැඳින්වීම
SLTD 107: ලිඛිත දෙමළේ ආකෘති (සංකීර්ණ) - එදිනෙදා අවශ්යතා පිළිබඳ ලිවීම
SLTD 108: දෙවන භාෂාවේ ඉතිහාසය
SLTD 109: දෙමළ සංස්කෘතිය
SLTD 110: දෙමළ සාහිත්ය (තෝරාගත් සාහිත්ය අංග කිහිපයක්)
අරමුණු
- දෙවන භාෂාවක් වශයෙන් දෙමළ භාෂාව ඉගෙනගන්නන්හට උසස් තත්ත්වයේ දෙමළ භාෂා අධ්යාපනයක් ලබා දීම.
- කියවීම, ලිවීම, සවන් දීම හා කථනය යන මූලික අවශ්යතාවල සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම.
- දෙමළ සංස්කෘතිය හා එදිනෙදා ජීවිතයේ දී එහි භිවිතය පිළිබඳ අවබෝධය තීව්ර කිරීම.
- දෙමළ භාෂාව භාවිත කරන්නන් තුළ විශ්වාසය ගොඩ නැගීම.
- දෙමළ භාෂාව දෙවන භාෂාවක් වශයෙන් ඵලදායී ලෙස ඉගෙන ගැනීමට හා ඉගැන්වීමට හැකි ගුරුවරුන් පුහුණු කිරීම.
- අධ්යයන, සමාජීය හා රාජ්ය අංශවල සේවය කිරීමට හැකියාව ඇති දක්ෂ භාෂා හා භාෂණ පරිවර්තකයන් පුහුණු කිරීම.
- ඵලදායී සන්නිවේදනයක් සඳහා භාෂාමය හා සංස්කෘතිකමය චතුරත්වයක් ලබා දීම.
- බහුභාෂා පසුබිම් තුළ දෙමළ භාෂාව හා සංස්කෘතිය ප්රවර්ධනය හා සංරක්ෂණය සඳහා සහාය වීම.
- දෙමළ භාෂාව භාවිත කරනු ලබන වපසරියක විශ්වාසයෙන් යුතුව එම භාෂාව භාවිත කිරීමට සූදානම් කිරීම.
පාඨමාලාවේ නම: ඩිප්ලෝමා පාඨමාලාව - දෙමළ භාෂාව (දෙවන බස)
කාල සීමාව: පැය 450
පාඨමාලා ගාස්තුව: රු. 48,500.00
අධ්යයන නිලධාරී : බාලරංජනි ජෙගනාදන්
සම්බන්ධීකරණ නිලධාරී : මදුකා තරංගනි
ඉලක්ක කණ්ඩායම : පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
පදනම් පාඨමාලාව - ඉංග්රීසි භාෂාව
පැහැදිලි භාවය, චතුරත්වය සහ එදිනෙදා සන්නිවේදනය කෙරෙහි අවධානය යොමු කරමින් ඉංග්රීසි භාෂාවේ අත්යවශ්ය කථන කුසලතා වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණ යි. මෙම පාඨමාලාව හදාරන්නන්හට වඩාත් නිවැරදිව හා විශ්වාසයෙන් යුතුව කතා කිරීමට උපකාර කිරීම සඳහා, මෙම පාඨමාලාව ව්යාකරණ, වාග්කෝෂය, සවන් දීමේ අවබෝධය සහ උච්චාරණය යන කරුණු පිළිබඳව අවධාරණය කරයි. භාෂාව භාවිතයට තිබෙන පැකිලීම අවම කිරීමට සහ සැබෑ ජිවිතයේ මුහුණ දෙන සන්නිවේදන අවශ්යතා වැඩි දියුණු කිරීමට භූමිකා දර්ශන, නාට්ය සහ අවස්ථානූකූල සංවාද වැනි අන්තර්ක්රියාකාරී ක්රම මෙම පාඨමාලාවට ඇතුළත් වේ. මූලික ව්යාකරණ හා වාග්කෝෂය සහ මූලික සන්නිවේදන කුසලතා හා කථන ප්රවීණතාව යන මොඩියුල ද්විත්වය වටා මෙම පාඨමාලාව ව්යුහගත කර ඇත.
මොඩියුල
ENGF 001: මූලික ව්යාකරණ හා වාග්කෝෂය
ENGF 002: මූලික සන්නිවේදන කුසලතා හා කථන ප්රවීණතාව
අරමුණු
- කථනයේ දී පැහැදිලි භාවය, චතුරත්වය හා විශ්වාසය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එදිනෙදා සන්නිවේදනය සඳහා අත්යවශ්ය කථන ඉංග්රීසි කුසලතා වැඩි දියුණු කිරීම.
- මූලික ව්යාකරණ ව්යුහ හා වාග්කෝෂය හඳුනවා දීම සහ වැඩි දියුණු කිරීම, ඉගෙනගන්නන්ට සරල, නිවැරදි හා අර්ථවත් වාක්ය ගොඩ නැගීමට හැකියාව ලබා දීම.
- දෛනික ජීවිතයට අදාළ සංවාද, භූමිකා රංගන හා අවස්ථානූකූල සංවාද වැනි මග පෙන්වන ලද පුහුණු වීම් තුළින් කථන සන්නිවේදනය වැඩි දියුණු කිරීම.
- වචන උච්චාරණය, එහි ශබ්ද හා ස්වර භාවිතය වැඩි දියුණු කිරීම සඳහා ඉගෙනගන්නන්ට වඩාත් තාත්විකව හා බුද්ධිමත්ව ඉංග්රීසි කතා කිරීමට සහාය වීම.
- සවන් දීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සමාන්ය සන්දර්භ තුළ කථන ඉංග්රීසි අවබෝධ කර ගැනීමට ඉගෙනගන්නන්ට අවකාශය ලබා දීම.
- සුබ පැතීම්, ප්රශ්න ඇසීම සහ පිළිතුරු දීම, මග පෙන්වීම් ලබා දීම සහ අදහස් ප්රකාශ කිරීම් ඇතුළුව ප්රායෝගික ප්රකාශ සහ එදිනෙදා භාවිත වන භාෂා කුසලතාවලින් ඉගෙනගන්නන් සන්නද්ධ කිරීම.
- විශ්වාසය වැඩි කිරීම හා කතා කිරීමේ දී පැකිලීම අවම කිරීම හා ක්රියාකාරී සහභාගීත්වය සඳහා සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
- අන්තර්ක්රියාකාරී සහ කාර්ය පාදක ඉගෙනීම දිරිමත් කිරීම සඳහා සිසුන්ට තත්ය කාලීන සංවාදවල දී ව්යාකරණ හා වාග්කෝෂය භාවිත කිරීමට උපකාර කිරීම.
පාඨමාලාවේ නම: පදනම් පාඨමාලාව - ඉංග්රීසි භාෂාව
කාල සීමාව: පැය 50
පාඨමාලා ගාස්තුව : රු. 6000.00
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලන්සකාර
සම්බන්ධීකරණ නිලධාරී : බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : අ.පො.ස (සා/පෙළ) විභාගය අවසන් කර ඇති මෙම පාඨමාලාව හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
පූර්ව අවශ්යතා : ඉංග්රීසි හෝඩිය හා සරල වචන පිළිබඳ දැනුම
ආධුනිකයන් සඳහා ඉංග්රීසි භාෂාව
මෙම පාඨමාලාව සංවාද, භූමිකා රංගන සහ කණ්ඩායම් සාකච්ඡා වැනි අන්තර්ක්රියාකාරී ක්රම හරහා චතුරත්වය, උච්චාරණය සහ විශ්වාසය වැඩි දියුණු කරයි. සුභ පැතීම්, ඉල්ලීම් සිදු කිරීම සහ සමාජ අන්තර්ක්රියා වැනි සැබෑ ජීවිතයේ දී මුහුණ දිය හැකි අවස්ථා සඳහා අවශ්ය ප්රායෝගික වාග්කෝෂය සහ භාෂා කුසලතා මෙම පාඨමාලාවේ දී ශිෂ්යයන් විසින් ග්රහණය කර ගනු ඇත. එයට මූලික මොඩියුල දෙකක් ඇතුළත් වේ: මූලික ව්යාකරණ හා වාග්කෝෂය සහ මූලික සන්නිවේදන කුසලතා හා වාචික ප්රවීණතාව.
මොඩියුල
ENGB 001: මූලික ව්යාකරණ හා වාග්කෝෂය
ENGB 002: මූලික සන්නිවේදන කුසලතා හා කථන ප්රවීණතාව
අරමුණු
- එදිනෙදා සන්නිවේදන අවස්ථාවල දී චතුර ලෙස කථා කිරීම, උච්චාරණය කිරීම සහ විශ්වාසය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ක්රියාකාරී කථන ඉංග්රීසි කුසලතා වැඩි දියුණු කිරීම.
- වාචික භාවිතය සඳහා සරල හා නිවැරදි වාක්ය නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙමින් මූලික ව්යාකරණ ව්යුහ සහ වාග්කෝෂය හඳුන්වා දීම සහ පුහුණු කිරීම.
- පවුල් සන්දර්භ තුළ බහුලව භාවිත වන ප්රකාශන අවබෝධ කර ගැනීමට සහ ප්රතිචාර දැක්වීමට උපකාර කිරීමෙන් සවන්දීමේ සහ කතා කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම.
- සුභ පැතීම්, ස්වයං හඳුන්වාදීම්, තොරතුරු විමසීම්, ඉල්ලීම් කිරීම් සහ කැමති අකමැත්ත ප්රකාශ කිරීම් වැනි දෛනික අන්තර්ක්රියා සඳහා අවශ්ය භාෂා කුසලතා ලබා දීම.
- පන්ති කාමර සංවාද, සමාජ අන්තර්ක්රියා සහ මූලික අවශ්යතා මත සිදු වන හමුවීම් ඇතුළු සැබෑ ජීවිත අවස්ථාවල ඉංග්රීසි භාවිත කිරීමේ දී විශ්වාසය ගොඩනැගීම.
- උච්චාරණය, වාක්ය අවධාරණය සහ ස්වර රටා පිළිබඳ මාර්ගෝපදේශක පුහුණුව තුළින් කථනයේ පැහැදිලි බව සහ නිරවද්යතාව වැඩි දියුණු කිරීම.
- යුගල ක්රියාකාරකම්, කණ්ඩායම් සාකච්ඡා, භූමිකා රංගන සහ සංවාද වැනි කථන ක්රියාකාරකම් සඳහා ක්රියාකාරී සහභාගීත්වය දිරිමත් කිරීම.
- පවුල, ආහාර, සාප්පු සවාරි සහ සංචාර වැනි මාතෘකා ඇතුළුව, මෙම පාඨමාලාව හදාරන්නන් විසින් මුහුණ දෙනු ලබන ක්ෂණික අවස්ථා සහ අවශ්යතාවලට අදාළ කථන කුසලතා වැඩි දියුණු කිරීමට සහාය වීම.
- ඉංග්රීසි ඉගෙනීම කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඇති කිරීම, කතා කිරීමේදී බිය හෝ පැකිලීම අවම කර ගැනීමට සිසුන්ට උපකාර කිරීම සහ අඛණ්ඩ භාෂා සංවර්ධනය සඳහා අවශ්ය අභිප්රේරණය ගොඩනැගීම.
පාඨමාලාවේ නම: ආධුනිකයන් සඳහා ඉංග්රීසි භාෂාව
කාල සීමාව: පැය 100
පාඨමාලා ගාස්තුව: Rs. 12,000.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලන්සකාර
සම්බන්ධීකරණ නිලධාරී : බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම: අ.පො.ස (සා/පෙළ) විභාගය අවසන් කර ඇති මෙම පාඨමාලාව හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
පූර්ව අවශ්යතා: ඉංග්රීසි භාෂාවේ වාග්කෝෂය හා ව්යාකරණ පිළිබඳ මූලික දැනුම
ව්යාපාරික ඉංග්රීසි - බැංකු වෘත්තිකයන් සඳහා
වෘත්තීය බැංකුකරණ සන්දර්භ තුළ වාචික සහ ලිඛිත සන්නිවේදනය වැඩිදියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි. ව්යාපාරික වාග්කෝෂය ගොඩනැගීම, පාරිභෝගික අන්තර්ක්රියාවල දී චතුරත්වය වැඩි දියුණු කිරීම සහ විද්යුත් තැපැල් (ඊ-මෙයිල්), මෙමෝස් සහ වාර්තා ලිවීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි මෙම පාඨමාලාව අවධානය යොමු කරයි. එය සේවා ස්ථාන සන්නිවේදනයේ වෘත්තීයභාවය, නිරවද්යතාව සහ ආචාරශීලී බව අවධාරණය කරයි. බැංකු වෘත්තිකයන් සඳහා ව්යාපාරික මූලික කරුණු, සන්නිවේදනය සහ ඉංග්රීසි භාෂාවෙන් ලේඛන කටයුතු සිදු කිරීම ආවරණය වන මොඩියුල හතරක් මෙම පාඨමාලාවට ඇතුළත් වේ.
මොඩියුල
BENG 001: මූලික ව්යාපාරික ඉංග්රීසි
BENG 002: ව්යාපාරික ඉංග්රීසි පිළිබඳ අත්යවශ්ය කරුණු
BENG 003: සන්නිවේදනය සඳහා ව්යාපාරික ඉංග්රීසි
BENG 004: ව්යාපාරික ඉංග්රීසි - ලිඛිත
අරමුණු
- බැංකු හා පාරිභෝගික සේවා අන්තර්ක්රියාවල දී බහුලව භාවිත වන ව්යාපාර ආශ්රිත මූලික වාග්කෝෂය සහ ප්රකාශන පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම.
- වාචික සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම, කාර්ය මණ්ඩලයට තම සේවාදායකයන්, තම කාර්ය මන්ඩලයේ අනෙකුත් නිලධාරීන් සහ අධීක්ෂකවරුන් සමග ඉංග්රීසි භාෂාවෙන් වෘත්තීයමය වශයෙන් අන්තර් ක්රියා කිරීමට අවශ්ය කුසලතාව ලබා දීම.
- විශේෂයෙන් දුරකථන සංවාද, මුහුණට මුහුණ හමුවීම් සහ පාරිභෝගික විමසීම්වල දී භාවිත වන කථන ඉංග්රීසි භාෂාවේ නිරවද්යතාව සහ චතුරත්වය වැඩි දියුණු කිරීම.
- අනුමත ව්යාපාරික භාෂා ශෛල්ය සහ ආකෘතිය භාවිත කරමින් විද්යුත් තැපැල් (ඊ-මෙයිල්), මෙමෝස් සහ සරල වාර්තා කෙටුම්පත් කිරීම ඇතුළු ලිඛිත සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම.
- සේවා සැපයීම, ක්රියාමාර්ග පැහැදිලි කිරීම සහ පාරිභෝගික ගැටලු විසඳීම වැනි රැකියා ස්ථානයේ දී මුහුණ දිය හැකි විවිධ අවස්ථා සඳහා ඉංග්රීසි භාෂාව හැසිරවීමේ දී අවශ්ය විශ්වාසය ගොඩනැගීම.
- පාරිභෝගික හිතකාමී සන්නිවේදන ශෛලයක් නිර්මාණය කිරීම, සියලු අන්තර්ක්රියාවල දී ආචාරශීලීභාවය, වෘත්තීයභාවය සහ ප්රතිචාර ලබා දීම පිළිබඳ අවධාරණය කිරීම.
පාඨමාලාවේ නම: ව්යාපාරික ඉංග්රීසි - බැංකු වෘත්තිකයන් සඳහා
කාල සීමාව: පැය 25
පාඨමාලා ගාස්තුව: රු. 107,500.00 (සම්පූර්ණ පාඨමාලාව සඳහා - සහභාගිවන්නන් 30 දෙනෙකු දක්වා ඇතුළත් විය හැකි කණ්ඩායමක් සඳහා මෙය අදාළ වේ)
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලන්සකාර
සම්බන්ධීකරණ නිලධාරී : බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම: බැංකු වෘත්තිකයන් (ලංකා බැංකුවේ ඉල්ලීම මත විශේෂයෙන් සකස් කරන ලද්දකි)
පූර්ව අවශ්යතා: ඉංග්රීසි භාෂාව පිළිබඳ මූලික ප්රවීණතාව සහ ඔවුන්ගේ දෛනික කටයුතුවල දී භාවිත වන පොදු බැංකු පාරිභාෂිතය පිළිබඳ අවබෝධය
ද්වීතීයික පාඨමාලාව (Intermediate Course) - ඉංග්රීසි භාෂාව
මෙම පාඨමාලාව එදිනෙදා, අධ්යයන හා අර්ධ-වෘත්තීය සන්දර්භ තුළ චතුරත්වය, සවන්දීම සහ වාචික සන්නිවේදනය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම පාඨමාලාව මගින් ප්රායෝගික, අන්තර්ක්රියාකාරී ක්රියාකාරකම් හරහා ව්යාකරණ, වාග්කෝෂය, උච්චාරණය සහ අවබෝධය ශක්තිමත් කරනු ඇත. ලිඛිත හා කථන ප්රවීණතාව වැඩි දියුණු කිරීම සඳහා සන්දර්භ අවබෝධය, පරිවර්තනය සහ අර්ථ නිරූපණය පිළිබඳ අවබෝධ කර ගැනීමට ද එය සහාය වේ. මෙහි විෂය මාලාවට මොඩියුල තුනක් ඇතුළත් වේ: ව්යාකරණ සහ වාග්කෝෂය, අවබෝධය හා සන්දර්භ අවබෝධය සහ වාචික ප්රවීණතාව.
මට්ටම - 3
NVQ
මට්ටම - 1
SLQF
මොඩියුල
ENGI 001 - ද්වීතීයික ව්යාකරණ සහ වාග්කෝෂය
ENGI 002 - ද්වීතීයික අවබෝධය, සන්දර්භ අවබෝධය සහ පරිවර්තනය
ENGI 003 - ද්වීතීයික වාචික ප්රවීණතාව සහ භාෂණ පරිවර්තනය
අරමුණු
- එදිනෙදා, අධ්යයන සහ අර්ධ-වෘත්තීය සන්දර්භ තුළ ඵලදායී සන්නිවේදනයක් සක්රීය කරමින්, කථන ඉංග්රීසි භාෂාව පිළිබඳ චතුරත්වය සහ විශ්වාසය වැඩි දියුණු කිරීම.
- ව්යාකරණ සහ වාග්කෝෂය ශක්තිමත් කිරීම, එදිනෙදා මුහුණ දෙනු ලබන සහ අහඹු අවස්ථාවල දී නිවැරදි සහ අර්ථවත් කථනයට සහාය වීම.
- සංවාද, උපදෙස් සහ කෙටි කතා වැනි අවස්ථාවල දී සවන්දීමේ සහ අවබෝධ කර ගැනීමේ කුසලතා වැඩි දියුණු කිරීම, කථන ඉංග්රීසි අවබෝධ කර ගැනීමට සහ නිසි ලෙස ප්රතිචාර දැක්වීමට පුහුණුකරුවන්ට ඉඩ සැලසීම.
- සාරාංශගත කිරීම හා පැහැදිලිව, නිවැරදිව ප්රශ්නවලට පිළිතුරු සැපයීම යන කුසලතා ඇතුළත්ව වාචික අර්ථකථන සහ ප්රකාශන කුසලතා වර්ධනය කිරීම.
- විශේෂයෙන් ඉංග්රීසි භාෂාවෙන් හා මව් භාෂාවෙන් කෙටි පාඨ ලිවීමේ දී සහ අර්ථ නිරූපණය කිරීමේ දී නිවැරදිව අදහස් ප්රකාශ කිරීම සඳහා ලිඛිත සහ පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීමට සහාය වීම.
- විරාම ලකුණු සහ උච්චාරණය යනාදිය නිවැරදිව භාවිත කරමින්, කථන ඉංග්රීසි එදිනෙදා සහ අධ්යයන අන්තර්ක්රියා සඳහා වඩාත් පැහැදිලි ආකාරයෙන් හා නිවැරදි ආකාරයෙන් භාවිත කිරීමට සහාය වීම.
- සංවාද, කණ්ඩායම් සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ භූමිකා රංගන වැනි අන්තර් ක්රියාකාරකම් ඔස්සේ ප්රායෝගික භාෂා භාවිතය ප්රවර්ධනය කිරීම.
පාඨමාලාවේ නම: ද්වීතීයික පාඨමාලාව (Intermediate Course) - ඉංග්රීසි භාෂාව
කාල සීමාව: පැය 150
පාඨමාලා ගාස්තුව : රු. 18,000.00
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලන්සකාර
සම්බන්ධීකරණ නිලධාරී : බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : අ.පො.ස (සා/පෙළ) විභාගය අවසන් කර ඇති මෙම පාඨමාලාව හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
පූර්ව අවශ්යතා : සරල වාක්ය සකස් කිරීමේ හැකියාව සහ ඉංග්රීසි භාෂාව පිළිබඳ මූලික අවබෝධය
උසස් පාඨමාලාව - ඉංග්රීසි භාෂාව (Advanced Course in English)
අධ්යයන, වෘත්තීය සහ සමාජීය සන්දර්භ සඳහා අවශ්ය උසස් මට්ටමේ කථන හැකියා, සවන්දීමේ, කියවීමේ සහ ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි. ව්යාකරණ ගැටලු නිවැරදි කිරීම, වාග්කෝෂය පුළුල් කිරීම සහ සංවාදයක දී මෙන්ම කථනයේ දී චතුරත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම පාඨමාලාව අවධානය යොමු කරයි. එමෙන් ම මෙම පාඨමාලාව මගින් එය හදාරන්නන්ට නිවැරදි, නිරායාස උච්චාරණය පුහුණු වීමේ, භාෂාව විශ්වාසීව හැසිරවීමේ සහ උසස් මට්ටමේ සන්දර්භ අවබෝධය හා පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීමේ අවස්ථා ලබා දෙනු ඇත. මෙම පාඨමාලාවට ව්යාකරණ හා වාග්කෝෂය, අවබෝධය හා පරිවර්තනය සහ වාචික ප්රවීණතාව හා අර්ථ නිරූපණය ආවරණය කරනු ලබන මොඩියුල තුනක් ඇතුළත් වේ.
NVQ මට්ටම - 4
NVQ
SLQF මට්ටම - 2
SLQF
මොඩියුල
ENGA 001 – උසස් ව්යාකරණ හා වාග්කෝෂය
ENGA 002 – උසස් අවබෝධය, සන්දර්භ අවබෝධය සහ පරිවර්තනය Translation
ENGA 003 - උසස් වාචික ප්රවීණතාව සහ භාෂණ පරිවර්තනය
අරමුණු
- දියුණු කථන සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම මෙන්ම ශිෂ්යයන්ට සංකීර්ණ අදහස් ප්රකාශ කිරීමට, සවිස්තරාත්මක සාකච්ඡාවල යෙදීමට සහ විශ්වාසයෙන් තර්ක ඉදිරිපත් කිරීමට හැකියාව ලබා දීම.
- විධිමත් ලෙස භාෂාව භාවිත වන මෙන්ම සාමාන්ය අවස්ථාවල දී ද නිවැරදිව ප්රකාශන සිදු කිරීම/ කතා කිරීම සඳහා සහාය වෙමින්, සංකීර්ණ ව්යාකරණ සහ පුළුල් වාග්කෝෂයක් භාවිත කිරීම තව දුරටත් වැඩි දියුණු කිරීම.
- කතන්දර, ප්රවෘත්ති වාර්තා, ලිපි සහ ශාස්ත්රීය හෝ වෘත්තීය ලේඛන ඇතුළුව කථන සහ ලිඛිත පාඨ පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම
- .භාෂණ පරිවර්තනය සහ ප්රතිචාර දැක්වීමේ චතුරතාව වැඩි දියුණු කිරීම, සංවාදයේ දී සහ ප්රසිද්ධ අවස්ථාවල දී කතා කිරීමේ ස්වයංසිද්ධතාව සහ පැහැදිලි බව කෙරෙහි අවධානය යොමු කිරීම.
- ලිඛිත සංයුතිය සහ පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීම, පාඨමාලාව හදාරන්නන් හට නිවැරදි ව්යුහගත වාක්ය රටා නිර්මාණය කරමින් කතා කිරීමට සහ මූල භාෂාවේ ස්වරය, ශෛලිය සහ සන්දර්භයට සංවේදීව පරිවර්තනය කිරීමට පුහුණු කිරීම.
- ස්වභාවික උච්චාරණය, රිද්මය සහ ස්වරය ප්රවර්ධනය කිරීම, බුද්ධිමත් සහ විශ්වාසදායී ආකාරයෙන් භාෂාව හැසිර වීමට දායක වන අයුරින් පුහුණු කිරීම.
- විවාද, ඉදිරිපත් කිරීම්, සම්මුඛ සාකච්ඡා සහ අනුකරණ වැනි සංකීර්ණ අන්තර්ක්රියාකාරී ක්රියාකාරකම් හරහා ස්වාධීන සහ අවස්ථාව මත පදනම් වූ භාෂා භාවිතය දිරිමත් කිරීම.
පාඨමාලාවේ නම: උසස් පාඨමාලාව - ඉංග්රීසි භාෂාව (Advanced Course in English)
කාල සීමාව: පැය 200
පාඨමාලා ගාස්තුව: රු. 24,000.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලන්සකාර
සම්බන්ධීකරණ නිලධාරී: බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : අ.පො.ස (සා/පෙළ) විභාගය අවසන් කර ඇති මෙම පාඨමාලාව හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
පූර්ව අවශ්යතා: වචන 1500ක වාග්කෝෂ පරාසය තුළ සංකීර්ණ වූ ව්යුහ පිළිබඳ සංවාද කිරීමට සහ අවබෝධ කර ගැනීමට තිබෙන හැකියාව
සහතිකපත්ර පාඨමාලාව - හින්දි භාෂා
මෙම පාඨමාලාව එදිනෙදා සන්නිවේදනය සඳහා අවශ්ය වන සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීමේ හැකියා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙමගින් හින්දි, සිංහල සහ ඉංග්රීසි භාෂා අතර මූලික සන්දර්භ අවබෝධ කර ගැනීම සහ පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීමත් සමගම ව්යාකරණ හා වාග්කෝෂය ප්රායෝගිකව භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. හින්දි භාෂාව භාවිත වන සන්දර්භ සහ සමාජ සම්මත අවබෝධ කර ගැනීමට මෙම පාඨමාලාව හදාරන්නන්හට උපකාර කිරීම සඳහා එම භාෂාව හා බැඳි සංස්කෘතික අංග ද හඳුන්වා දෙනු ඇත.
මට්ටම - 03
NVQ
මට්ටම - 01
SLQF
මොඩියුල
HINC 001: මූලික ව්යාකරණ හා වාග්කෝෂය
HINC 002: අවබෝධය, සන්දර්භ අවබෝධය හා පරිවර්තනය
HINC 003: කථන ප්රවීණතාව හා භාෂණ පරිවර්තනය
අරමුණු
- එදිනෙදා සන්දර්භ තුළ ප්රායෝගික භාවිතය අවධාරණය කරමින් සවන්දීම, කතා කිරීම, කියවීම සහ ලිවීම යන හින්දි භාෂා කුසලතාවන් පිළිබඳ අවධාරණය කරමින් භාෂා ප්රවීණතාව වැඩි දියුණු කිරීම.
- හින්දි භාෂාවෙන් නිවැරදිව සන්නිවේදනය කිරීම සඳහා අවශ්ය මූලික ව්යාකරණ ව්යුහ සහ වාග්කෝෂය පිළිබඳ අවබෝධය සහ නිවැරදි යෙදුම් භාවිත කිරීම වැඩි දියුණු කිරීම.
- හින්දි භාෂාවෙන් තිබෙන සරල ලිඛිත හා කථන පාඨ තේරුම් ගැනීමට සහ වාචික හා ලිඛිත ක්රම දෙකෙන්ම ඒවාට සුදුසු පරිදි ප්රතිචාර දැක්වීමට හැකියාව ලබා දීම.
- පැහැදිලි වාක්ය ව්යුහ සහ සුදුසු වාග්කෝෂයක් භාවිත කරමින් හින්දි භාෂාවෙන් කෙටි ඡේද සහ විස්තරාත්මක ඡේද රචනා කිරීමේ හැකියාව ගොඩනැගීම.
- සිංහල/ඉංග්රීසි භාෂාවෙන් හින්දි භාෂාවට සහ හින්දි භාෂාවෙන් සිංහල/ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ මූලික පරිවර්තන කුසලතා වැඩි දියුණු කිරීම, භාෂා දෙකෙහිම නිවැරදි ව්යාකරණ හා අන්තර් සම්බන්ධතාව පවත්වා ගනිමින් නිවැරදිව අර්ථය ප්රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම.
- අන්තර්ක්රියාකාරී සහ භාෂණ පුහුණු අභ්යාස හරහා නිවැරදි උච්චාරණය, වාක්ය සැකසීම සහ චතුර බව ඇතුළු වාචික සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම.
- භාෂාව භාවිතය, ප්රකාශන සහ සන්නිවේදනයේ සමාජ සම්මත පිළිබඳ දැනුවත් කිරීම සඳහා හින්දි භාෂාව භාවිත වන සන්දර්භ තුළ අගය කරනු ලබන සංස්කෘතික අංග සිසුන්ට හඳුන්වා දීම.
- සුභ පැතුම්, හඳුන්වා දීම්, ඉල්ලීම් සහ උපදෙස් ලබා දීම මෙන්ම අදහස් සහ හැඟීම් ප්රකාශ කිරීම වැනි හින්දි භාෂාවෙන් එදිනෙදා සිදු කරනු ලබන අන්තර්ක්රියා සඳහා සිසුන් සූදානම් කිරීම.
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - හින්දි භාෂාව
කාල සීමාව: පැය 120
පාඨමාලා ගාස්තුව: රු. 33,500.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : Iඅ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - කොරියානු භාෂාව
මෙම පාඨමාලාව එදිනෙදා ජීවිතය සහ සේවා ස්ථාන සැකසුම් සඳහා අවශ්ය සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම යන ප්රායෝගික සන්නිවේදන පරිචයන් කෙරෙහි අවධානය යොමු කරයි. එය රැකියා ආශ්රිත භාෂා භාවිතය පිළිබඳ නිශ්චිත පුහුණුවක් සමගින් EPS-TOPIK විභාගය සඳහා සිසුන් සූදානම් කරයි. ඵලදායී සහ විවිධ අවස්ථාවල භාවිත වන සන්නිවේදන අවශ්යතා සඳහා සහාය වීමට සමාජ සම්මත, වර්යා සහ ජීවන රටා ඇතුළු කොරියානු සංස්කෘතියට අදාළ අවබෝධය මෙම පාඨමාලාව මගින් අවබෝධ කරවනු ඇත. මෙහි අන්තර්ගත ප්රධාන මොඩියුල මගින් වාචික ප්රවීණතාව ආවරණය කරනු ඇත.
මට්ටම - 03
NVQ
මට්ටම - 01
SLQF
මොඩියුල
KORC 001: කථන ප්රවීණතාව හා සන්නිවේදන කුසලතා
KORC 002: මූලික ව්යාකරණ හා වාග්කෝෂය
KORC 003: සංස්කෘතිය හා සමගාමී ජීවන රටාව
KORC 004: රැකියා බලපත්ර ක්රමය සඳහා කොරියන් භාෂා
අරමුණු
- එදිනෙදා ජීවිතයේ දී සහ සේවා ස්ථානයේ දී සිදු කරනු ලබන සන්නිවේදන අවශ්යතා කෙරෙහි අවධානය යොමු කරමින් කොරියානු භාෂාවෙන් සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම පිළිබඳ මූලික කුසලතාවලින් සන්නද්ධ කිරීම.
- හුරුපුරුදු සන්දර්භ තුළ ඵලදායී හා නිවැරදි සන්නිවේදනයක් සඳහා අත්යවශ්ය ව්යාකරණ ව්යුහ සහ වාග්කෝෂය භාවිත කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම.
- කථන චතුරතාව සහ අවබෝධය ශක්තිමත් කිරීම, සරල සංවාදවලට විශ්වාසයෙන් යුතුව සහභාගී වීමට, ප්රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට මෙන්ම පුද්ගලික තොරතුරු, අවශ්යතා සහ අදහස් කොරියානු භාෂාවෙන් ප්රකාශ කිරීමට හැකියාව ලබා දීම.
- සන්නිවේදන අවශ්යතා සඳහා උපකාරී වන ජීවන රටා, පිළිවෙත්, සමාජ වටිනාකම් සහ සිරිත් විරිත් සහ ආචාර විධි ඇතුළු කොරියානු සමාජයේ සමාජ හා සංස්කෘතික සම්මත හඳුන්වා දීම.
- රැකියා අවස්ථාවලට අදාළ ඉලක්කගත භාෂා පුහුණුව, සේවා ස්ථාන උපදෙස්, ආරක්ෂක මාර්ගෝපදේශ සහ දෛනික චර්යා පිළිබඳ අවබෝධය ලබා දීමෙන් EPS-TOPIK විභාගය සඳහා සිසුන් සූදානම් කිරීම.
- කොරියාවේ රැකියා, සංචාරක සහ එදිනෙදා අන්තර්ක්රියාවල දී භාවිත වන සන්නිවේදන ඉල්ලීම් සඳහා අවශ්ය වන මූල්ය භාෂා කුසලතා වර්ධනය කිරීමට සහාය වීම.
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - කොරියානු භාෂාව
කාල සීමාව: පැය 120
පාඨමාලා ගාස්තුව : රු. 33,500.00
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: ලවංගි කුමාරී වීබැද්ද
ඉලක්ක කණ්ඩායම: අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - ජපන් භාෂාව
මෙම පාඨමාලාව එදිනෙදා සහ වෘත්තීය සන්දර්භ සඳහා අවශ්ය සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම යන පරිචයන්හි භාෂා ප්රවීණතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එය ව්යාකරණ, වාග්කෝෂය සහ අවබෝධ කර ගැනීමේ කුසලතා අවධාරණය කරමින් මූලික ව්යාපාරික සන්නිවේදනය සහ සංස්කෘතික අවබෝධය සඳහා මෙම පාඨමාලාව හදාරන්නන් සූදානම් කරයි. මෙම පාඨමාලාව ජපන් සමාජයේ ප්රධාන සංස්කෘතික අංග ද හඳුන්වා දෙයි, ඒවා අතර භාෂා භාවිතයට බලපාන ආචාර ධර්ම සහ සමාජ සම්මත ද ඇතුළත් වේ. මෙහි ප්රධාන මොඩියුල මගින් භාෂා ප්රවීණතාව, සංස්කෘතිය සහ ජීවන රටාව, සන්දර්භ අවබෝධය සහ ව්යාපාරික සංවාද කුසලතා ආවරණය කරනු ඇත.
මට්ටම - 03
NVQ
මට්ටම - 01
SLQF
මොඩියුල
JAPC 001: භාෂා ප්රවීණතාව සහ සන්නිවේදන කුසලතා
JAPC 002: ජපන් සංස්කෘතිය හා ජීවන රටාව
JAPC 003: අවබෝධය, සන්දර්භ අවබෝධය හා පරිවර්තනය
JAPC 004: ව්යාපාරික සන්නිවේදනය සහ මූලික භාෂණ පරිවර්තන කුසලතා
අරමුණු
- ප්රායෝගික හා වෘත්තීය සන්දර්භ සඳහා අවශ්ය සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම යන කුසලතා අවධාරණය කරමින් ජපන් භාෂාවේ මූලික ප්රවීණතාව ගොඩනැගීම.
- ජපන් භාෂාව භාවිත කරමින් පැහැදිලි හා ඵලදායී සන්නිවේදනය වැඩි දියුණු කිරීම, එදිනෙදා අන්තර්ක්රියාවල දී මෙන්ම මූලික රැකියා ස්ථානවල දී සංවාද හැසිරවීමට හදාරන්නන්ට හැකියාව ලබා දීම.
- අත්යවශ්ය ව්යාකරණ සහ වාග්කෝෂය හඳුන්වා දීම සහ ලිඛිත හා කථන සන්නිවේදනය යන දෙකෙහි ම ඒවායේ නිවැරදි යෙදුම සහතික කිරීම සඳහා ප්රමාණවත් පුහුණුවක් ලබා දීම.
- සරල ජපන් පාඨ සහ ශ්රව්ය ඉගෙනුම් උපකාරකවලට නිරාවරණය වීමෙන් අවබෝධ කර ගැනීමේ කුසලතා වැඩි දියුණු කිරීම සහ විවිධ අවස්ථාවල දී සුදුසු සහ නිවැරදි ප්රතිචාර දැක්වීමට හදාරන්නන්ට හැකියාව ලබා දීම.
- ජපන් සංස්කෘතිය හා ජීවන රටාව පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා, භාෂා භාවිතය හා හැසිරීම කෙරෙහි බලපාන සංස්කෘතික භාවිත, වටිනාකම්, ආචාර ධර්ම සහ හදාරන්නන්ට අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ඉඩ සැලසීම.සමාජ සම්මත හදාරන්නන්ට අවබෝධ කර ගැනීමට උපකාරී වීම.
- විධිමත් භාෂාව (Keigo), ව්යාපාරික අවස්ථාවලට ගැළපෙන සුබ පැතුම් සහ අත්යවශ්ය සේවා ස්ථානවල දී භාවිත වන ආචාර විධි ඇතුළුව ජපන් භාෂාව භාවිත කරමින් මූලික ව්යාපාරික සන්නිවේදනය සඳහා හදාරන්නන්ව සූදානම් කිරීම.
- අන්තර් සංස්කෘතික නිපුණතාව සහ භාෂාව භාවිතය පිළිබඳ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා, ජපන් භාෂාව භාවිත වන සන්දර්භ තුළ පුද්ගලික සහ වෘත්තීය අන්තර්ක්රියා යන අවස්ථා දෙකෙහිදි ම හදාරන්නන්ට අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ඉඩ සැලසීම.
පාඨමාලාවේ නම : සහතිකපත්ර පාඨමාලාව - ජපන් භාෂාව
කාල සීමාව : පැය 120
පාඨමාලා ගාස්තුව : රු. 33,500.00
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී : හිරෝශිමා පෙරේරා
ඉලක්ක කණ්ඩායම : අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - ප්රංශ භාෂාව
මෙම පාඨමාලාව අවබෝධය, වාග්කෝෂය, ව්යාකරණ සහ වාචික සන්නිවේදනය වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇති අතර මෙමගින් පාඨමාලාව හදාරන්නන්හට ව්යාපාරික සංවාදවල විශ්වාසයෙන් යුතුව නිරත වීමට ඉඩ සලස්වනු ලබයි. මෙම පාඨමාලාව සමාජ සිරිත් විරිත් සහ ජීවන රටාව ඇතුළුව ප්රංශ සංස්කෘතිය ද හඳුන්වා දෙන අතර සංස්කෘතික සංවේදීතාව පෝෂණය කරයි. අන්තර්ක්රියාකාරී ක්රියාකාරකම් හරහා භාෂාව ප්රායෝගික භාවිත කිරීම කෙරෙහි අවධාණය යොමු කරමින් මෙහි ප්රධාන මොඩියුල මගින් භාෂා ප්රවීණතාව, අවබෝධය, ප්රකාශනය සහ වාචික සන්නිවේදන කුසලතා ආවරණය කරනු ඇත.
මට්ටම - 03
NVQ
මට්ටම - 01
SLQF
මොඩියුල
FREC 001: භාෂාව, අවබෝධය හා ප්රකාශන කුසලතා
FREC 002: කථන සන්නිවේදනය හා සංස්කෘතිය
අරමුණු
- එදිනෙදා අවශ්යතා හා ප්රායෝගික භාවිතය සඳහා සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්රංශ භාෂාවේ මූලික කුසලතා වැඩි දියුණු කිරීම.
- ප්රංශ භාෂාවේ සරල කථන සහ ලිඛිත භාෂාව අවබෝධ කර ගැනීමට සහ හුරුපුරුදු සමාජීය සහ සන්නිවේදන අවස්ථාවල දී නිවැරදිව ප්රතිචාර දැක්වීමට හැකියාව වැඩි දියුණු කිරීම.
- වාචික සහ ලිඛිත යන ආකාර දෙකෙන් ම අදහස් පැහැදිලිව සහ ඵලදායී ලෙස ප්රකාශ කිරීම සඳහා අවශ්ය අත්යවශ්ය වාග්කෝෂය සහ ව්යාකරණ ව්යුහ ගොඩනැගීම.
- වාචික සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම, හදාරන්නන් හට මූලික සංවාදවලට සහභාගී වීමට, ප්රශ්න ඇසීමට සහ පිළිතුරු දීමට සහ පුද්ගලික තොරතුරු ප්රකාශ කිරීමට හැකියාව ලැබීම.
- නිවැරදි උච්චාරණය සහ නිරායාස උච්චාරණය ප්රවර්ධනය කිරීම සඳහා හදාරන්නන් හට අවබෝධ කර ගත හැකි මට්ටමින් ප්රංශ භාෂාවේ කථන හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වීම.
- සන්නිවේදනයට බලපෑම් ඇති කරනු ලබන සමාජ සිරිත් විරිත්, ජීවන රටාව සහ සංස්කෘතික ප්රකාශ ඇතුළු ප්රංශ සංස්කෘතියේ ප්රධාන අංග හදාරන්නන් හට හඳුන්වා දීම
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - ප්රංශ භාෂාව
කාල සීමාව: පැය 120
පාඨමාලා ගාස්තුව: රු. 33,500.00
අධ්යයන නිලධාරී : එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: ටී. කල්යාණි
ඉලක්ක කණ්ඩායම: අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - රුසියානු භාෂාව
මෙම පාඨමාලාව එදිනෙදා සහ වෘත්තීය සන්දර්භවල අවශ්යතා සඳහා සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම පිළිබඳ ප්රවීණතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එහි අරමුණ වන්නේ වාග්කෝෂය, ව්යාකරණ සහ වාචික සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම, පාඨමාලාව හදාරන්නන්හට පොදු සංවාදවල යෙදීමට සහ රුසියානු භාෂාවෙන් මූලික පාඨ තේරුම් ගැනීමට හැකියාව ලබා දීමයි. මෙම පාඨමාලාව රුසියානු සංස්කෘතිය, සම්ප්රදාය සහ සංස්කෘතික සංවේදීතාව සහ අන්තර් සංස්කෘතික නිපුණතාව පෝෂණය කරන නවීන ජීවන රටා ද හඳුන්වා දෙයි. මෙහි අන්තර්ගත ප්රධාන මොඩියුල මගින් අධ්යයන හා වෘත්තීය සැකසුම් තුළ වාග්කෝෂය, ව්යාකරණ, වාචික ප්රවීණතාව සහ භාෂා භාවිතය ආවරණය කරනු ඇත.
මට්ටම - 03
NVQ
මට්ටම - 01
SLQF
මොඩියුල
RUSC 001: වාග්කෝෂය හා මූලික ව්යාකරණ
RUSC 002: කථන ප්රවීණතාව හා සන්නිවේදන කුසලතා
RUSC 003: සංස්කෘතිය හා සමගාමී ජීවන රටා
RUSC 004: වෘත්තීය හා අධ්යයන කටයුතු සඳහා රුසියානු භාෂාව
අරමුණු
- රුසියානු භාෂා කුසලතා - සවන්දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම - එදිනෙදා සහ අධ්යයන/වෘත්තීය භාවිතය කෙරෙහි අවධාරණය කරමින් මූලික භාෂා ප්රවීණතාව වැඩි දියුණු කිරීම.
- රුසියානු භාෂාවෙන් සරල, අර්ථවත් වාක්ය සැකසීමට අවස්ථාව ලබා දෙන මූලික වාග්කෝෂය සහ මූලික ව්යාකරණ ව්යුහ හඳුන්වා දීම.
- වාචික සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා, සුබපැතුම්, හැඳින්වීම්, ඉල්ලීම් සහ එදිනෙදා අන්තර්ක්රියා වැනි පොදු සංවාද අවස්ථාවල නියැලීමට උපකාර කිරීම.
- ඵලදායී වාචික ප්රකාශන සිදු කිරීමට ව්යුහගත කථන පුහුණුව, චතුරතාව, උච්චාරණය සහ නිවැරදි ස්වර භාවිතය වැඩි දියුණු කිරීම සඳහා අවස්ථා ලබා දීම.
- කථන සහ ලිඛිත රුසියානු භාෂාව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම, එදිනෙදා ජීවිතයට සහ අධ්යයන සැකසුම්වලට අදාළ සරල සටහන්, උපදෙස් සහ සංවාද අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දීම.
- රුසියානු සංස්කෘතිය, සම්ප්රදාය සහ නූතන ජීවන රටා පිළිබඳ අවබෝධයක් ලබා දීම, භාෂා භාවිතයේ සංස්කෘතික සන්දර්භය පිළිබඳ අගය කිරීම වැඩි දියුණු කිරීම.
- අන්තර් සංස්කෘතික නිපුණතාව ප්රවර්ධනය කිරීම, රුසියානු භාෂාව භාවිත වන සන්දර්භ තුළ සුදුසු සහ ගෞරවනීය ලෙස සන්නිවේදනය කිරීමට සූදානම් කිරීම.
- විධිමත් ප්රකාශන, පාරිභාෂික වචන සහ විද්යුත් තැපැල් පණිවුඩ ලිවීම, වාර්තා සහ මූලික වෘත්තීය සංවාදවලට සහභාගී වීම වැනි පොදු සන්නිවේදන කාර්ය ඇතුළුව අධ්යයන හා වෘත්තීය සන්දර්භවලට අදාළ භාෂා කුසලතා වැඩි දියුණු කිරීම.
- සංචාරක, වෘත්තීමය, අධ්යයනය හෝ සංස්කෘතික හුවමාරුව වැනි ගෝලීය අවශ්යතා සඳහා රුසියානු භාෂාව වඩාත් නිවැරදිව භාවිත කිරීමට විශ්වාසය ගොඩනැගීම.
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - රුසියානු භාෂාව
කාල සීමාව: පැය 120
පාඨමාලා ගාස්තුව: රු. 33,500.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: හිරෝෂිමා පෙරේරා
ඉලක්ක කණ්ඩායම: අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - ප්රායෝගික දෙමළ හා සිංහල (කථන ශිල්ප පාඨමාලාව - Speech Craft)
බහුභාෂා සමාජයක, දෙමළ හා සිංහල භාෂා ද්විත්වයෙන් ඵලදායී සන්නිවේදනයක් අත්යවශ්ය වේ. කථන ශිල්ප පාඨමාලාව, සිසුන්ට ප්රායෝගික භාෂා කුසලතා සහ සංස්කෘතික දැනුවත්භාවය ලබා දීම සඳහා ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය (NILET) විසින් නිර්මාණය කර ඇත. මෙම පාඨමාලාව, ශ්රී ලංකාවේ විවිධ භාෂා භූ දර්ශන තුළ පුද්ගලික, අධ්යයන සහ වෘත්තීය සාර්ථකත්වයට මාවත විවෘත කරයි. ශ්රී ලංකාව වැනි රටක සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩ නැඟීම සඳහා හොඳින් සන්නිවේදනය කිරීමට හැකි වීම අත්යවශ්ය වේ.
මට්ටම - 3
NVQ
මට්ටම - 1
SLQF
මොඩියුල - 02
මොඩියුල 1: සවන්දීම හා කථන පුහුණුව
මොඩියුල 2: කියවීම් අවබෝධතා ශිල්පීය ක්රම
මොඩියුල 3: දෛනික භාවිතය සඳහා ලිවීමේ කුසලතා
මොඩියුල 4: ප්රසිද්ධ කථනය හා ඉදිරිපත් කිරීමේ කුසලතා
මොඩියුල 5: භාෂාව හා සංස්කෘතිය පිළිබඳ දැනුවත්භාවය
මොඩියුල 6: ප්රායෝගික වැඩමුළුව හා සැබෑ ජීවිතයේ මුහුණ දිය හැකි අවස්ථා
අරමුණු
- දෙමළ හා සිංහල භාෂාවලින් කතා කිරීමේ, සවන්දීමේ, කියවීමේ හා ලිවීමේ ප්රායෝගික කුසලතා වර්ධනය කිරීම.
- අධ්යයන, සමාජීය හා සේවා ස්ථාන යන සන්දර්භ තුළ විශ්වාසයෙන් යුතුව සන්නිවේදනය කිරීමට පුහුණු කිරීම.
- සංවාද, දේශන, කතන්දර කීම හා ඉදිරිපත් කිරීම්වලට සවන් දීම තුළින් කථන හැකියාවන් වැඩි දියුණු කිරීම.
- දෙමළ හා සිංහල යන භාෂා ද්විත්වයේ ම ව්යාකරණ, උච්චාරණය හා චතුරත්වය ශක්තිමත් කිරීම.
- සිසුන් ශක්තිමත් සන්නිවේදන කුසලතාවලින් සන්නද්ධ කිරීම.
- උත්සව, සිරිත් විරිත් හා ආහාර වැනි වාග්විද්යාත්මක හා සංස්කෘතික සමානකම් ගවේශනය කිරීමෙන් විවිධ සංස්කෘතික පසුබිම් පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීම.
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - ප්රායෝගික දෙමළ හා සිංහල (කථන ශිල්ප පාඨමාලාව - Speech Craft)
කාල සීමාව: පැය 400
ඨමාලා ගාස්තුව: රු. 12,500.00
අධ්යයන නිලධාරී: බාලරංජනි ජෙගනාදන්
සම්බන්ධීකරණ නිලධාරී: ඩිලාන් රණසිංහ
ඉලක්ක කණ්ඩායම: අ.පො.ස (සා.පෙළ/ උ.පෙළ) අවසන් කරන ලද සිසුන්, විශ්වවිද්යාල සිසුන් සහ පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
සහතිකපත්ර පාඨමාලාව - ජපන් භාෂාව
සන්නිවේදනය, සංස්කෘතිය සහ වෘත්තීය භාවිතය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පාඨමාලාව ජපන් භාෂාවේ ප්රායෝගික කුසලතා වැඩි දියුණු කරයි. එමෙන්ම මෙම පාඨමාලාව මගින් භාෂා ප්රවීණතාව, සංස්කෘතිය, අවබෝධය, පරිවර්තනය සහ ව්යාපාරික සංවාද යන ප්රධාන මොඩියුල හතරක් ආවරණය කරමින්, ජපන් භාෂාව ප්රායෝගිකව භාවිත කරනු ලබන සන්දර්භ තුළ දී අධ්යයන හා වෘත්තීය අවස්ථා සඳහා මෙම පාඨමාලාව හදාරන්නන් සම්බන්ධ කරනු ඇත.
Level
–
Level
–
විෂය නිර්දේශයේ දළ සටහන
JAPN 001 - භාෂා ප්රවීණතාව, සන්නිවේදන කුසලතා
JAPN 002 - ජපන් සංස්කෘතිය හා ජීවන රටාව
JAPN 003 - අවබෝධය, සන්දර්භ අවබෝධය හා පරිවර්තනය
JAPN 004 - ව්යාපාරික සංවාද හා භාෂණ පරිවර්තනය පිළිබඳ මූලික කුසලතා
අරමුණු
- සවන් දීමේ හා කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමෙන් ඉගෙනගන්නන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම.
- ඉලක්කගත භාෂාවෙන් සැබෑ ජීවිත අවස්ථාවල දී ඉගෙනගන්නන්ගේ සන්නිවේදන හැකියාව වැඩි දියුණු කිරීම.
- සන්නිවේදන ප්රේෂණයකින් වාග්කෝෂය හා ව්යාකරණය ඉගෙන ගැනීම.
- මූලික පරිශීලකයකුගේ නිපුණතාව පෙන්නුම් කිරීම (ජපන් පදනම් ප්රමිතිය, CEFR).
- එදිනෙදා භාවිත වන ප්රකාශ හා මූලික වාක්ය ඛණ්ඩ අවබෝධ කරගෙන භාවිත කිරීම.
- අත්යවශ්ය මූලික අවශ්යතා සපුරා ගැනීම.
- තමන්ව හා අන් පුද්ගලයන්ව හඳුන්වා දීම.
- පෞද්ගලික තොරතුරු (උදා: ජීවත්වන ස්ථානය, ඔවුන් හඳුනන පුද්ගලයන්, ඔවුන් සතු දේවල්) පිළිබඳ ප්රශ්න ඇසීම හා පිළිතුරු දීම.
- සන්නිවේදනය කරනු ලබන අනෙක් පුද්ගලයාට පහසු වන ආකාරයෙන් භාෂාව භාවිත කිරීම.
කාල සීමාව: මාස 03
පාඨමාලා ගාස්තුව: රු. 7000.00
අධ්යයන නිලධාරී : ආර්. හේවාසිංහ
සම්බන්ධීකරණ නිලධාරී: -
ඉලක්ක කණ්ඩායම: ත්රී-රෝද රථ රියදුරන්/ පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
ඉංග්රීසි පාඨමාලාව (සන්නිවේදන කුසලතා)
මෙම පාඨමාලාව එදිනෙදා සහ වෘත්තීය සැකසුම් තුළ ඵලදායී සන්නිවේදනයක් සඳහා ඉගෙන ගන්නන්ගේ කථන ඉංග්රීසි කුසලතා වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇත. අන්තර්ක්රියාකාරී පාඩම් භූමිකා රංගනයන් සහ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් හරහා ඉගෙන ගන්නන් විශ්වාසය සහ චතුරතාව ගොඩනඟා ගනී. වෘත්තීය හෝ අධ්යයන අරමුණු සඳහා තම ඉංග්රීසි වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන අයට වඩාත් සුදුසුය.
මට්ටම
–
මට්ටම
–
විෂය නිර්දේශයේ දළ සටහන
අරමුණු
- කථන කුසලතා වැඩි දියුණු කර ශක්තිමත් කිරීම
- සන්නිවේදන හැකියා ඔප නැංවීම
- එදිනෙදා හා වෘත්තීය අවස්ථාවල දී නිවැරදි භාෂා භාවිතය වැඩි දියුණු කිරීම
කාල සීමාව: මාස 03
පාඨමාලා ගාස්තුව : රු. 7000.00
අධ්යයන නිලධාරී : ආර්. හේවාසිංහ
සම්බන්ධීකරණ නිලධාරී: –
ඉලක්ක කණ්ඩායම : ත්රී-රෝද රථ රියදුරන්/ පාඨමාලාව හැදෑරීමට රුචිකත්වයක් දක්වනු ලබන පුද්ගලයන්
පුහුණු පාඨමාලා (දෙවන භාෂාව)
...
ගුරු පුහුණු පාඨමාලා
...
අධීක්ෂණ හා පසු විපරුම් සැසි
...
සහතිකපත්ර පාඨමාලාව - සංඥා භාෂාව
සංඥා භාෂා කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එය මූලික සංඥා භාෂා සංවාදවල නිරත වීමට සහ දෛනික සන්නිවේදනයේ භාවිත වන දෘශ්ය සංකේත අවබෝධ කර ගැනීමට, විශේෂයෙන් සංඥා භාෂාව භාවිත කරනු ලබන ප්රජාව තුළ සන්නිවේදනය කිරීමේ හැකියාව ලබා ගැනීමට උපකාරී වේ. මෙම පාඨමාලාව යම් අර්ථකථනයක් පිළිබිඹු කරන සංඥා අවබෝධ කර ගැනීමේ කුසලතා ආවරණය කරන අතර එය භාවිත වන සංස්කෘතිය පිළිබඳ අවබෝධය ප්රවර්ධනය කරයි.
NVQ මට්ටම - 03
NVQ
SLQF මට්ටම - 01
SLQF
මොඩියුල
CSSL 001 - සංඥා භාෂාවේ මූලික කුසලතා
CSSL 002 - එදිනෙදා ජීවිතයට අදාළ සංකේත විද්යාව
CSSL 003 – සන්නිවේදනය හා අර්ථකතනය
අරමුණු
- හස්ත සංඥා, චලන, මුහුණේ ඉරියව් සහ ශරීර චලන ඇතුළු සංඥා භාෂාවේ මූලික අංග හඳුන්වා දීම.
- සංඥා භාෂාව පිළිබඳ මූලික සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම, පාඨමාලාව හදාරන්නන් හට සරල සංවාදවල නිරත වීමට සහ අත්යවශ්ය තොරතුරු ලබා දීමට හැකි වීම.
- සංඥා භාෂාව භාවිත කරනු ලබන ප්රජාව තුළ එදිනෙදා ජීවිතයේ සන්නිවේදනයේ බහුලව භාවිත වන දෘශ්ය සංකේත සහ අභින කෙරෙහි අවධානය යොමු කරමින් සංකේත විද්යාව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම.
- ග්රාහක සහ ප්රකාශන කුසලතා වැඩි දියුණු කිරීම, පාඨමාලාව හදාරන්නන් හට සංඥා භාෂාවේ භාවිත වන මූලික වාක්ය රටා නිවැරදිව සහ විශ්වාසයෙන් අවබෝධ කර ගැනීමට සහ ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීම.
- එදිනෙදා ජීවිතයේ දී සංඥා භාෂාව භාවිත කිරීමට අවබෝධය ලබා දීම.
- මූලික මට්ටමින් අර්ථකථන ඉදිරිපත් කිරීමේ කුසලතා ගොඩනැගීමට, සංඥා භාෂාව භාවිත කරන පුද්ගලයන් සහ සංඥා භාෂාව භාවිත නොකරන පුද්ගලයන් අතර සන්නිවේදනය සිදු කිරීමට පාඨමාලාව හදාරන්නන් හට උපකාර කිරීම.
- විවිධ සමාජ සැකසුම් තුළ ගෞරවනීය සහ විවිධ අන්තර්ක්රියා ප්රවර්ධනය කරමින්, එම සංස්කෘතිය සහ එහි සන්නිවේදන සම්මත අගය කිරීම.
පාඨමාලාවේ නම: සහතිකපත්ර පාඨමාලාව - සංඥා භාෂාව
කාල සීමාව: පැය 120
පාඨමාලා ගාස්තුව: රු. 33,500.00
අධ්යයන නිලධාරී: එල්. එම්. රිද්මා නිශාදිනි ලංසකාර
සම්බන්ධීකරණ නිලධාරී: බී. සිවා අස්වින්
ඉලක්ක කණ්ඩායම : අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සම්පූර්ණ කරන ලද හා මෙම වැඩසටහන හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබන පුද්ගලයන්

