මෙහෙවර
නව්ය හා උසස් තත්ත්වයේ අධ්යාපන වැඩසටහන් තුළින් භාෂා ප්රවීණතාවය සහ සංස්කෘතික අවබෝධය වර්ධනය කිරීම.
දැක්ම
භාෂා අධ්යාපනය සහ අන්තර් සංස්කෘතික සන්නිවේදනයේ අනාගතය හැඩගස්වන ගෝලීය වශයෙන් පිළිගත් ආයතනයක් බවට පත්වීම.
අප ගැන
ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය (NILET) යනු 2007 අංක 26 දරන පනත යටතේ ස්ථාපිත කරන ලද වයවස්ථාපිත ආයතනකි. ශ්රී ලංකාව පුරා භාෂා ඉගෙනුම ප්රවර්ධනය කිරීම සහ භාෂා ප්රවීණතාව ඉහළ නැංවීම එහි වෙකීමයි. ආරම්භතේ දී මෙම ආයතනය රාජය භාෂා ප්රතිපත්තියට සහාය දැක්වීම සඳහා සිංහල සහ දෙමළ භාෂා කෙරෙහි අවධානය යොමු කළ අතර පසුව රට තුළ නිර්මාණය වු භාෂාමය අවශ්යතා මත විදේශීය භාෂා සහ වෙනත් භාෂා ආශ්රිත පාඨමාලා රැසක් ඇතුළත් කිරීම සඳහා එහි විෂය මාලාව පුළුල් කරන ලදි.
ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය (NILET) භාෂා අධ්යාපනතේ ප්රධාන ආයතනයක් වශයෙන් ක්රියාත්මක වන අතර විශේෂිත පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්රියාත්මක කිරීම සඳහා අමාත්යංශ සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. උසස් තත්ත්වයේ භාෂා පුහුණුව ලබාදීමේ තිරසර බව සහතික කරමින් 2024 වරෂයේදී ආයතනය ස්වයං- මූලය ආකෘතියකට සංක්රමණය විය.
ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනය (NILET) විසන් නිර්මාණය කරනු ලබන පුහුණු වැඩසටහන් අධ්යයන, වෘත්තීමය සහ සමාජමය අරමුණු සඳහා භාෂා කුසලතා සංවර්ධනය කිරීමට නිර්මාණය කර ඇති ව්යුහගත පාඨමාලා අවශ්යතාව සපුරාලමින් විවිධ ඉගෙනුම් අපේක්ෂකයන් සඳහා අවශ්ය පහසුකම් සපයනු ලබයි. භාෂා අධ්යාපනයේ විශිෂ්ටත්වය සඳහා අප ආයතනය කැප වී සටින අතර බහුභාෂා සමාජයක දියුණු වීමට අවශ්ය භාෂාමය නිපුණතාවලින් පුද්ගලයන් සන්නන්ද කිරීම සිදු කරනු ලබයි.
ප්රධාන කාර්යාලය
321/1, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය
ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනයේ (NILET) ප්රධාන කාර්යාලය 321/1, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය යන ස්ථානතේ පිහිටා ඇත. මෙම කේන්ද්රීය ස්ථානය පුළුල් පරාසයක භාෂා පාඨමාලා සංවිධානය කිරීම සහ ක්රියාත්මක කිරීම සඳහා කේන්ද්රස්ථානය වශයෙන් ක්රියාත්මක වේ. අප ආයතනය දක්වෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර පිටවීම හා මාකුඹුර බහුවිධ ප්රවාහන මධ්යස්ථානය අසළ පහසුතවන් ලගා වීමට ඇති ස්ථානයක පිහිටා ඇත.
ප්රාදේශීය පුහුණු මධයස්ථාන
අඟලවත්ත පුහුණු මධයස්ථානය
කළුතර දිස්ත්රික්කයේ ගලේවත්ත, අඟලවත්ත
කළුතර දිස්ත්රික්කයේ ගලේවත්ත, අඟලවත්ත ප්රදේශයේ පිහිටි අඟලවත්ත පුහුණු මධ්යස්ථානය ජාතික භාෂා අධ්යාපන හා පුහුණු ආයතනතේ (NILET) ප්රධාන පහසුකම් සපයන්තනක්ව වශයෙන් ක්රියත්මක වේ. කොළඹ සිට කිතලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇති මෙම මධ්යස්ථානය ඉගෙනුම් පරිසරයක් සඳහා අවශ්ය නිස්කලංක හා ආශ්වාදජනක පරිසරයකින් අලංකාර වී ඇත.
අක්කර 2.5ක් පුරා විහිදෙන මෙම මධ්යස්ථානය ප්රායෝගික සහ සෞන්දර්යාත්මක වාතාවරණයකින් තපෝෂණය වී ඇති අතර මෙහි නේවාසික පහසුකම් සහිත මනරම් අද්විතීය පරිසරය භාෂාවක් ඉගෙනීමේ සමස්ත අත්දැකීම වැඩි දියුණු කරමින් අධ්යාපනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා සුදුසු අවකාශයක් නිර්මාණය කරයි.
අරමුණු සහ කර්තව්ය
අරමුණු
- සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නේ යම් තැනැත්තෙක් ද එවැනි තැනැත්තන්ට සිංහල, දෙමළ, ඉංග්රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහි කිරීම.
- ලිඛිත නීතියකින් පිහිටුවන ලද ජාතික භාෂා පරිවර්තක සේවයෙන් සහ ජාතික භාෂණ පරිවර්තක සේවයෙන් පත්කළ යුතු සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවල නිපුණතාවන් ඇති පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් බිහි කිරීම.
- සිංහල, දෙමළ ඉංග්රීසි භාෂාවලින් භාෂා ගුරුවරුන්, භාෂා පරිවර්තකයන් සහ පාෂාණ පරිවර්තකයන් පුහුණු කිරීමට සුදුසු කම්ලත් ගුරුවරුන් බිහි කිරීම.
- මහජනයාට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ත්ර භාෂා හැකියාවැති තැනැත්තන් පුහුණු කිරීම.
කර්තව්ය
- සිංහල, දෙමළ, ඉංග්රීසි භාෂා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ තැනැත්තන් බිහිකිරීම සඳහා සිංහල, දෙමළ ඉංග්රීසි භාෂා පිළිබඳ දීර්ඝ පුහුණුවක් ලබාදීම.
- ආයතනයේ ක්රියාකාරීත්වය කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සඳහා ඒ පර්යේෂණ සහ අධ්යයන වල ප්රතිඵල භාවිත කිරීමේ අරමුණු ඇතිව භාෂා පුහුණු කිරීමට අදාළව පවතින ගැටලු පිළිබඳව පර්යේෂණ සහ අධ්යයන පැවැත්වීම.
- සුදුසු තැනැත්තන්ට භාෂා පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සහ ඒ පුහුණුවීම් සහ අධ්යාපනය සම්පුර්ණ කරන සාර්ථක අපේක්ෂකයන්ට සහතිකපත් සහ ඩිප්ලෝමා ප්රදානය කිරීම.
- භාෂා ඉගැන්වීම කරගෙන යාමට පුහුණු පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පිහිටු වීම.
- භාෂාවන්ට අදාළ කාරණා පිළිබඳ වූ තොරතුරු තැන්පත් කර තබන ස්ථානයක් පිහිටු වීම.
- භාෂා පරිවර්තකයන්, භාෂණ පරිවර්තකයන් සහ ලඝු ලේඛකයන් අනාදි වශයෙන් විශේෂ කාණ්ඩ වලට අයත් තැනැත්තන් සඳහා සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා වලින් විශේෂිත භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීම.
- අවශ්යයයි පෙනීයන අවස්ථාවක දී සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවල වැඩිදියුණු කිරීම සහ ඒවාට කළ යුතු වෙනස්කම් පිළිබඳ අදාළ අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කිරීම, සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා සහ විදේශීය භාෂා පිළිබඳ භාෂාමය පර්යේෂණ කටයුතු කරගෙන යාම, ඒවාට සහය දැක්වීම සහ ප්රර්වර්ධනය කිරීම.












