Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප ගැන ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්

  • සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා දැනුම ලබා ගැනීමට රුචියක් දක්වන පුද්ගලයන්ට එම දැනුම ලබාදිය හැකි අන්දමට සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා පිළිබඳ ප්‍රමාණවත් පුහුණුවක් සහිත පුද්ගලයන් බිහි කිරීම.
  • භාෂා පුහුණුව හා සම්බන්ධ ගැටලු පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයන පවත්වා එකී පර්යේෂණවල සහ අධ්‍යයනවල ප්‍රතිඵල, ආයතනයේ ඵලදීයී ක්‍රියාකාරිත්වය සඳහා යොදා ගැනීම.
  • සුදුසු අයවලුන්ට භාෂා පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදී එම පාඨමාලා සතුටුදායක ලෙස සම්පූර්ණ කරන අපේක්ෂකයන්ට සහතික සහ ඩිප්ලෝමා ප්‍රදානය කිරීම.
  • භාෂා ඉගැන්වීමෙහි නිරත වීමට සුදුසුකම් ඇති පුහුණු පුද්ගලයන් පිරිසකගෙන් යුතු මණ්ඩලයක් බිහි කිරීම.
  • භාෂා සම්බන්ධ කරුණු පිළිබඳ තොරතුරු කෝෂ්ඨාගාරයක් පිහිටුවීම.
  • භාෂණ පරිවර්තකයන්, භාෂා පරිවර්තකයන්, ලඝු ලේඛකයන් වැනි විශේෂ කාණ්ඩවලට අයත් තැනැත්තන් උදෙසා සිංහල, දෙමල සහ ඉංග්‍රිසි භාෂා පිළිබඳ විශේෂිත භාෂා පුහුණු පාඨමාලා පැවැත්වීම. සහ
  • අවශ්‍යයැයි පෙනීයන අවස්ථාවකදී සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා පිළිබඳ වැඩි දියුණු කිරීම් සහ වෙනස් කිරීම් අවශ්‍ය යයි පෙනී යන අවස්ථාවලදී ඒ පිළිබඳ නිර්දේශ අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීම, සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා සහ විදේශීය භාෂා පිළිබඳ භාෂාමය පර්යේෂණ කටයුතු කරගෙන යාම, ඒවාට සහාය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම.