Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප ගැන හැඳින්වීම

හැඳින්වීම

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය, 2007 අංක 26 දරන පනතින් විධිමත්ව පිහිටුවන ලදී. පරිපාලන කටයුතු ඉටු කිරීමේ ද හරවත් වැඩසටහන් හා සම්බන්ධ කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂ ජනාරාල්වරයාට සහාය වෙයි. ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සිය කටයුතු මෙහෙයවන්නේ අගලවත්තේ ගලේවත්තෙහිය.

දැක්ම
ප්‍රජාව වෙත කාර්යක්ෂම සේවයක් සැලසීම උදෙසා රජයේ ආයතනවල කාර්ය මණ්ඩලයේ ද්විභාෂා / ත්‍රිභාෂා නිපුණතා වර්ධනය කිරීමේ ප්‍රමුඛ අධ්‍යාපන / පුහුණු ආයතනය බවට පත්වීම.

මෙහෙවර

  • සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා ඉගැන්වීම පිළිබඳ උසස් තත්ත්වයේ පුහුණුවක් ලබා දීම.
  • භාෂා පුහුණුව හා සම්බන්ධ පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීම.
  • භාෂා පිළිබඳ තොරතුරු කෝෂ්ඨාගාර‍යක් පිහිටුවීම.
  • දක්ෂ භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් බිහි කිරීම.
  • විශේෂ නිලධාරී වර්ග සඳහා භාෂා පාඨමාලා පැවැත්වීම.

පරමාර්ථ

  1. සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා දැනුම ලබා ගැනීමේ රුචියක් දක්වන අයට එම දැනුම ලබා දිය හැකි නිපුණ ගුරුවරුන් බිහි කිරීම.
  2. ලිඛිත නීතියකින් පිහිටුවන ලද ජාතික භාෂා පරිවර්තක සේවයෙන් සහ ජාතික භාෂණ පරිවර්තක සේවයෙන් පත්කළ යුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වල නිපුනතාවයන් ඇති පරිවර්තකයින් සහ භාෂණ පරිවර්තකයින් බිහි කිරීම.
  3. සිංහල. දෙමළ සහ ඉංග්‍රිසි භාෂා සම්බන්ධ ගුරුවරුන් භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් පුහුණු කිරීමට සුදුසුකම් ලත්  ගුරුවරුන් බිහි කිරීම.
  4. මහජනයාට කර්යක්ෂම සේවා සැලසීම සඳහා ත්‍රිභාෂික ශක්‍යතාවලින් හෙබි පුහුණුව ලත් පුද්ගලයන් බිහි කිරීම.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූලි 10 වෙනි අඟහරුවාදා, 06:26